BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
වැලිඔය ඇඟලුම් සේවකයන් 148කට රැකියා අහිමි වෙයි; තවත් 275ක් අවදානමේ: කර්මාන්තශාලාවේ මෙහෙයුම් තවකාලිකව නවතා දැමීමට මැද පෙරදිග යුද්ධය හේතුවක් බව සමාගම පවසයි
මැද පෙරදිග කලාපයේ වර්තමානයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ආයතනය මුහුණ දී ඇති ආර්ථිකමය ගැටලු මෙලෙස හදිසියේ මෙහෙයුම් කටයුතු වෙනස් කිරීමට හේතුව වූ බව සේවකයින්ට දන්වා ඇති අතර, ඔවුන් සේවය කළ සීමාසහිත මිලා ෆැෂන් පුද්ගලික සමාගමට අනුබද්ධිත වෙනත් ඇඟලුම් කර්මාන්තශාලා දෙකක් සඳහා ඔවුන්ට ස්ථාන මාරු ලබා දුන් බවට ඔවුන්ට ලිපි මගින් දැනුම් දී තිබේ.
තමන්ට වැළඳුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ගැන ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හෙළි කරයි
තමන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවකට ප්‍රතිකාර ගත් බව ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු හෙළි කරයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තමන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී තිබූ බව හෙළි කර තිබේ. ඔහු සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මේ වන විට තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බව ය. තමන්ගේ පුරස්ථි ග්‍රන්ථියේ තිබූ ගැටිත්තක් හඳුනා ගත් බවත්, එය හඳුනාගැනීමෙන් පසු සිදු කළ ප්‍රතිකාර පිළිබඳවත් එහි සඳහන් කර තිබේ.
පළාත් 6කට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු: මේ දිනවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන්නේ ඇයි?
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවීමේ කාලගුණ තත්ත්වය ඉදිරි සතිය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් මුදා හැරීම: ජනපතිගෙන් සාක්ෂි විමසීම වැළැක්වූයේ ඇයි?
"මෙම කමිටුවේ බහුතරය පාවිච්චි කරමින් ඡන්ද විමසීමක් තියලා මේ සාක්ෂිකරුවන් හතර දෙනා කැඳවීම මෙම කමිටුවේ සභාපති හර්ෂණ නානායක්කාර මහත්මයා විසින් ප්‍රතික්ෂේප කළා. ඉතාමත් ම කනගාටුදායක යි, තේරීම් කාරක සභාවකදී එහෙම ඡන්ද විමසලා, බහුතර ඡන්දයට සාක්ෂිකරුවන් කැඳවීම ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන් ම කවදාකවත් වෙච්ච නැති දෙයක්," අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.
ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 ණය වාරිකයක් 'හැකර් ගිණුමකට' බැර කිරීම: මෙතෙක් අප දන්නේ මොනවා ද?
"නමුත් අපිට බැලූ බැල්මට පේන්නේ මේ ප්‍රොසෙස් එකේ යම් බිඳ වැටීමක් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය වගේ තැනක එක වෙරිෆිකේෂන් එකකට අමතරව වෙරිෆිකේෂන් කිහිපයක් වෙන්න ඕන. එහෙම දෙයක් වෙලා නැත්තේ ඇයි කියන එක ගැන ගැටලුවක් තියෙනවා."
මදුරෝ අල්ලාගත් මෙහෙයුම ගැන ඔට්ටු තබා ඩොලර් ලක්ෂ 4ක් දිනූ ඇමෙරිකානු සෙබළෙක් අත්අඩංගුවට
රහසිගත තොරතුරු මත පදනම්ව, ක්‍රිප්ටෝ මුදල් ඒකකවලින් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය වේදිකාවක් වන පොලිමාර්කට්හි (Polymarket) ගනුදෙනු කළ බවට චෝදනා එල්ල වූ ගැනන් කෙන් වැන් ඩයික්ට (Gannon Ken Van Dyke) එරෙහිව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇත.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
'සැබෑ බුදු දහම' සොයා යන Walk for Peace පා ගමනට නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර හිමි යනු කවුද?
මෑතකදී ලොව පුරා ම පාහේ ජනාදරයට පාත්‍ර වූ බෞද්ධ හිමිනමක ලෙස ඇමෙරිකාවේ වැඩ වෙසෙන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් හැඳින්විය හැකි ය. ථෙරවාද බෞද්ධ හිමිනමක් වන උන්වහන්සේගේ උපන් බිම වියට්නාමය යි. 2025 වසරේ ඇමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. අගනුවර දක්වා දින 108කදී සැතපුම් 2000 අධික දුරක් පා ගමනින් වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමි පිළිබඳව ලෝකය පුරා ම පාහේ කතා බහට ලක්විය.
ට්‍රම්ප්ගේ පාලනය යටතේ නීති විරෝධී ලෙස කොටස් වෙළෙඳාම සිදුව ඇති බවට සැකයක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය පුරාවට ම ඔහු වෙළෙඳපොළට බලපෑ හැකි විවිධ නිවේදන නිකුත් කිරීමටත් පෙර සිට ම වෙළෙඳුන් ඒවා වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් ඔට්ටු ඇල්ලීම නිරන්තරයෙන් දක්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා සාක්ෂරතා අනුපාතය සම මට්ටමට: ස්ත්‍රී සාක්ෂරතා අනුපාතය 97% දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ ලක්ෂ 4කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය ලබා නොමැති බව 2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවේ දක්වා තිබේ. එම වාර්තාවට අනුව, වයස අවුරුදු 25 හා ඊට වැඩි මුළු ජනගහනයෙන් 400,511 දෙනෙකු පාසල් නොගිය පිරිසට අයත් වන අතර ඉන් 136,168 දෙනෙකු පිරිමි සහ කාන්තාවෝ 264,343 දෙනෙකු වෙති.
අලුතින් එන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ගැන ඔබ දැනුවත් ද?
මෙතෙක් නිකුත් කළ ප්ලාස්ටික් මෝටර් රථ රක්ෂණ කාඩ් පත වෙනුවට මැයි 1 වන දා සිට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෝටර් රථ රක්ෂණ ව්‍යාපාරයේ නියැළී සිටින සියලු ම බලපත්‍රලාභී රක්ෂණකරුවන් වෙත දැනුම් දී තිබේ.
'HSBC ප්‍රධාන විධායක නිලධාරී පැවසූ පරිදි' ඉන්ධන බැරලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් 286ක් ගෙව්වා ද?
ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ ඉන්ධන බැරලයක් සඳහා ගෙවන ලද මිල අවම වශයෙන් එක් අවස්ථාවකදී ඩොලර් 286ක් දක්වා ඉහළ ගොස් තිබූ බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි ඉකුත් අඟහරුවාදා හොංකොංහි පැවති ආයෝජන සංසදයකදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.




















































