ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්‍රධාන පුවත්
සජීවී., පකිස්ථානයේ පැවති ඓතිහාසික සාම සාකච්ඡාවලින් පසු ඇමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බව වෑන්ස් පවසයි
ඉස්ලාමාබාද්හි පැය 21ක කාලයක් පැවති සාම සාකච්ඡාවලින් පසුව, යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට එක්සත් ජනපදය සහ ඉරානය අපොහොසත් වුණු බව වෑන්ස් සඳහන් කළේ ය.
ප්‍රධාන පුවත
ඉරානය සමග සාම සාකච්ඡා සඳහා ඇමෙරිකානු කණ්ඩායමට නායකත්වය දෙන උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් යනු කවුද?
වෑන්ස්, අප්‍රේල් 11 දා පකිස්ථානයේදී ආරම්භ වූ ඉරානය සමග කෙරෙන සාම සාකච්ඡා සඳහා ඇමෙරිකානු නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙයි.
ආශා බෝස්ලේ: 'සංගීතය කියන්නෙ මට මගේ හුස්ම වගේ. මම සංගීතය වෙනුවෙන් බොහෝ දේ කළා'
සංස්කෘතික සලකුණක් මෙන් ම බොලිවුඩයේ අග්‍රගණ්‍ය ගායිකාවක වූ, 92 හැවිරිදි වියේ පසු වූ ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වූ බව ඇගේ පුත්‍රයා තහවුරු කළේ ය. ඉන්දියානු පසුබිම් ගායනයේ අසමසම රැජින, හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මුම්බායිහිදී මිය ගියා ය.
IVF සායන මගින් පවුල්වලට වැරදි දායකයින්ගේ ශුක්‍රාණු ලබා දීම: 'මොකක් හරි වැරැද්දක් වෙලා කියලා මම දැනගෙන හිටියා'
කාන්තාවන් දෙදෙනා ඔවුන්ගේ ම ඩිම්බ භාවිත කළ අතර සෞඛ්‍ය සම්පන්න නිර්නාමික ශුකාණු දායකයෙකු ප්‍රවේශමෙන් තෝරා ගත්හ. ශුකාණු ඇණවුම් කළ සායනයට ඔවුන් පැවසුවේ දරුවන් දෙදෙනා සඳහා ම එක ම පරිත්‍යාගශීලියෙකු යොදා ගැනීම වැදගත් බවයි. එවිට ඔවුන්ගේ දරුවන් ජීවවිද්‍යාත්මකව සම්බන්ධ වේ.
මැදපෙරදිග යුද්ධය ඔබේ සාක්කුවට බලපෑවේ කොහොම ද?: යුද්ධයට පෙර හා පසු භාණ්ඩ මිල ගණන් වෙනස් වීම ගැන සංසන්දනයක්
ඉරානයට එරෙහි ඇමෙරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට ඇති වූ බාධා ගෝලීය බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමට හේතු විය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.
NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?
ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.
QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්
ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්
පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.