BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් මුදා හැරීම: ජනපතිගෙන් සාක්ෂි විමසීම වැළැක්වූයේ ඇයි?
"මෙම කමිටුවේ බහුතරය පාවිච්චි කරමින් ඡන්ද විමසීමක් තියලා මේ සාක්ෂිකරුවන් හතර දෙනා කැඳවීම මෙම කමිටුවේ සභාපති හර්ෂණ නානායක්කාර මහත්මයා විසින් ප්‍රතික්ෂේප කළා. ඉතාමත් ම කනගාටුදායක යි, තේරීම් කාරක සභාවකදී එහෙම ඡන්ද විමසලා, බහුතර ඡන්දයට සාක්ෂිකරුවන් කැඳවීම ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන් ම කවදාකවත් වෙච්ච නැති දෙයක්," අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.
මෙරට දරු උපත් අනුපාතය පහළ බැසීමට හේතු මොනවා ද? අනගාතයට ඇති බලපෑම කුමක් ද?
2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවට අනුව සංගණනය සිදුකළ කාලය වන විට වයස අවුරුදු 15 හෝ ඊට වඩා වැඩි විවාහක කාන්තාවන්ගේ මුළු සාඵල්‍යතා මට්ටම 1.3%කි. එම මට්ටම් 1981 වසරේ දී 3.3% ක් ලෙස පැවති බවත්, 2012 වසර වන විට විවාහක කාන්තාවන්ගේ මුළු සාඵල්‍යතා මට්ටම 2.4%ක්ව පැවති බව සංගණන වාර්තාවේ සඳහන් කර තිබේ.
ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 ණය වාරිකයක් 'හැකර් ගිණුමකට' බැර කිරීම: මෙතෙක් අප දන්නේ මොනවා ද?
"නමුත් අපිට බැලූ බැල්මට පේන්නේ මේ ප්‍රොසෙස් එකේ යම් බිඳ වැටීමක් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය වගේ තැනක එක වෙරිෆිකේෂන් එකකට අමතරව වෙරිෆිකේෂන් කිහිපයක් වෙන්න ඕන. එහෙම දෙයක් වෙලා නැත්තේ ඇයි කියන එක ගැන ගැටලුවක් තියෙනවා."
සම්බාධක උල්ලංඝනය කරමින් ඉරානයේ සිට ඉන්ධන ප්‍රවාහනය කළ තවත් නෞකාවක් ඉන්දීය සාගරයේදී ඇමෙරිකානු හමුදා භාරයට
එක්සත් ජනපද හමුදා විසින් ඉන්දියානු සාගරයේදී, ඉරානයේ සිට තෙල් ප්‍රවාහනය කරන ලද M/T Majestic X නෞකාව සිය භාරයට ගෙන තිබේ. ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙය සම්බාධක පනවන ලද රාජ්‍යයක් රහිත නෞකාවක් බවයි.
ඉරානය සතුව බලගැන්වූ යුරේනියම් සංචිතයක් තිබුණත් එය න්‍යෂ්ටික අවියක් සෑදීමට තරම් ප්‍රමාණවත් ද?
ඉරානය සතුව ඇති බලගැන්වූ යුරේනියම් සංචිතය කෙරෙහි යළිත් අවධානය යොමු වී ඇත්තේ, යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමක කොටසක් ලෙස ඉරාන රජය එය භාර දීමට එකඟ වී ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් අනතුරුව ය. පාර්ශව දෙක ම ඉදිරි සාම සාකච්ඡා සඳහා අවතීර්ණ වීමට මගක් සොයමින් සිටින අතර යුරේනියම් එම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වනු ඇතැයි පෙනෙන්නට තිබේ.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
'සැබෑ බුදු දහම' සොයා යන Walk for Peace පා ගමනට නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර හිමි යනු කවුද?
මෑතකදී ලොව පුරා ම පාහේ ජනාදරයට පාත්‍ර වූ බෞද්ධ හිමිනමක ලෙස ඇමෙරිකාවේ වැඩ වෙසෙන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් හැඳින්විය හැකි ය. ථෙරවාද බෞද්ධ හිමිනමක් වන උන්වහන්සේගේ උපන් බිම වියට්නාමය යි. 2025 වසරේ ඇමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. අගනුවර දක්වා දින 108කදී සැතපුම් 2000 අධික දුරක් පා ගමනින් වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමි පිළිබඳව ලෝකය පුරා ම පාහේ කතා බහට ලක්විය.
ට්‍රම්ප්ගේ පාලනය යටතේ නීති විරෝධී ලෙස කොටස් වෙළෙඳාම සිදුව ඇති බවට සැකයක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය පුරාවට ම ඔහු වෙළෙඳපොළට බලපෑ හැකි විවිධ නිවේදන නිකුත් කිරීමටත් පෙර සිට ම වෙළෙඳුන් ඒවා වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් ඔට්ටු ඇල්ලීම නිරන්තරයෙන් දක්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබේ.
අලුතින් එන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ගැන ඔබ දැනුවත් ද?
මෙතෙක් නිකුත් කළ ප්ලාස්ටික් මෝටර් රථ රක්ෂණ කාඩ් පත වෙනුවට මැයි 1 වන දා සිට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෝටර් රථ රක්ෂණ ව්‍යාපාරයේ නියැළී සිටින සියලු ම බලපත්‍රලාභී රක්ෂණකරුවන් වෙත දැනුම් දී තිබේ.
'HSBC ප්‍රධාන විධායක නිලධාරී පැවසූ පරිදි' ඉන්ධන බැරලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් 286ක් ගෙව්වා ද?
ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ ඉන්ධන බැරලයක් සඳහා ගෙවන ලද මිල අවම වශයෙන් එක් අවස්ථාවකදී ඩොලර් 286ක් දක්වා ඉහළ ගොස් තිබූ බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි ඉකුත් අඟහරුවාදා හොංකොංහි පැවති ආයෝජන සංසදයකදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.


















































