බෝගම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීම: 'වැරැද්දක් කළා නම් දඬුවම් දෙන්න ඕනෙ අධිකරණයෙන් නේද?'

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

තම සැමියා වැරැද්දක් කළේ නම් ඊට දඬුවම් දිය යුත්තේ අධිකරණය හරහා නොවේ දැයි බෝගම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් මිය ගිය කුෂාන් නවෝද්‍ය ජයසිංහගේ බිරිඳ ප්‍රශ්න කරයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රකාශක සේනක පල්ලෙතැන්න පැවසුවේ, බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය ද උදුරාගෙන, බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ කිරීමේදී ඔහුට වෙඩි තැබූ බව ය.