ඉන්දු-පාකිස්ථාන ක්‍රිකට් තරග යලිත්

India Pakistan cricket

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිකට් තරඟ යළි ආරම්භ කිරීම දෙරට අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා නැවත ශක්තිමත් වෙමින් ඇති බව පෙන්වන ලකුණක්
Published

වසර කීපයක්ම ඇනහිට තිබුන ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් තරඟ යළි ආරම්භ කිරීමට සැලසුම් කරමින් ඇතැයි ඉන්දියාව ප්‍රකාශ කරයි.

මෙය දෙරට අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා නැවත ශක්තිමත් වෙමින් ඇති බව පෙන්වන ලකුණක්.

ඉහත කී නිවේදනය නිකුත් කරමින් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටින්නේ, තම කණ්ඩායම එක්දින තරඟ මාලාවක් සඳහා ලබන දෙසැම්බර් මාසයේ පකිස්තානයේ සංචාරයක නිරත වෙන බවයි.

ඉන්දියාව පකිස්තානය සමඟ ක්‍රිකට් තරඟ නතර කළේ, පසුගිය 2008 වසරෙහි එල්ල කෙරුන මුම්බායි ප්‍රහාරයෙන් අනතුරුව.

එහෙත් දෙරටේ ක්‍රිකට් කණ්ඩායම් වෙනත් රටවල පැවැත්වුන කලාපීය තරඟවලදී ක්‍රීඩා කළහ.

දෙරටේ විදේශ ලේකම්වරුන් දිල්ලි නගරයේදී හමුවී ඉදිරි ක්‍රීඩා සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුවයි, දෙසැම්බර් මාසයේ ඉන්දියානු පිලේ පකිස්තාන් සංචාරය නිවේදනය කෙරුනේ.