ඔබ ජීවත් වන කාලය දැනගමු

Life Expectancy
Published

ලෝකය පුරා පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙමින් පවතී. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර 25කට ඉහත දී උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩිපුර ජීවත් වේ.

පහත ගණකයේ ඔබේ දත්ත ඇතුළත් කළ පසු, ඔබේ රටේ, සම වයසේ පසුවන කාන්තාවක හෝ පුරුෂයෙකුගේ ආයු කාලය මෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන කාලය ද දැනගත හැකිය.

ලොව සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය උපතේ සිට අවුරුදු 72 කි. පුරුෂයෙක් වසර 70 ක් සහ කාන්තාවක් වසර 75 ක් දක්වා ජීවත් විය හැකිය. නමුත්, මෙය වයස අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස, අවුරුදු 69 ක පුද්ගලයෙක් තවත් වසර 17 ක් පමණ ජීවත් විය හැක.

අපේක්ෂිත ආයු කාලය පෙන්වන ගණකය ඔබේ උපාංගයෙහි නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේනම්, මෙතැනින් යළි පිවිසෙන්න

අපේක්ෂිත ආයු කාලය ඔබේ වයස අනුව වෙනස් වන්නේ කෙසේද?

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට අනුව අපේක්ෂිත ආයු කාලය ගණනය කරනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත 'ද ග්ලෝබල් බර්ඩ්න් ඔෆ් ඩිසීස්' (The Global Burden of Disease) ආයතනය විසින් අපේක්ෂිත ආයු කාලය මනිනු ලබන්නේ යම් රටක විවිධ වයස්වල සිටින පුද්ගලයන්ගේ මරණ අනුපාතය ද සැලකිල්ලට ගනිමිනි.

අපේක්ෂිත ආයු කාලය එක් එක් පුද්ගලයාගේ වයස අනුව වෙනස් වන අතර පුද්ගලයෙකු ජීවත් වීමට අපේක්ෂා කරන කාලය මෙහිදී ගණනය කරනු ලැබේ.

උදාහරණයක් ලෙස 2016 දී මෙක්සිකෝවේ ඉපදුණ ගැහැණු ළමයෙකු වයස 79ක් දක්වා ජීවත් වනු ඇත. කෙසේ වෙතත්, 2016 වර්ෂයේදී වයස 65ක කාන්තාවක් අවුරුදු 84 දක්වා ජීවත් වේ. ඇය ඒ වන විටත් වයස 65ක් ජීවත්ව සිටි නිසා ඇයගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වන අතර තවත් වසර විස්සක් පමණ ජීවත් වීමට ඉඩ ඇත.

අපේක්ෂිත ආයු කාලය මනින ගණකය නිර්මාණය වූයේ කෙසේද?

මෑතකදී (2016) එළිදක්වන ලද දත්ත උපයෝගී කරගෙන මෙම ගණකය නිර්මාණය කර තිබේ.

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට පදනම්ව යමෙකු ජීවත්වීමට අපේක්ෂා කෙරෙන වසර ගණන අපේක්ෂිත ආයු කාලය නම් වේ. 'ඔබගේ ජීවිතයේ ඉතිරි කාලයෙන් කොපමණ කලක් සෞඛ්‍ය සම්පන්නව සිටීද?' යන්න පුද්ගලයෙකු සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන වසර සංඛ්‍යාව සමග ගණනය කර, ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි වසරවල‍ ප්‍රතිශතයක් ලෙස පෙන්වයි. අවසාන ප්‍රතිපලය නිකුත් කරන්නේ පුද්ගලයෙකුගේ ඉතිරි ජීවිත කාලය තුළ මරණයට පත් වීමේ හෝ ආබාධිත තත්වයට පත් වීමේ ප්‍රවනතාව ද සැලකිල්ලට ගෙනය.

ඒ අනුව, කිසියම් අපේක්ෂිත විද්‍යාත්මක දියුණුකිරීම් හෝ වෛද්‍ය ප්‍රතිකාරවල වැඩි වර්ධන මෙහිදී අවධානයට ලක් කර නැත.

මූලාශ්‍රය: Global Burden of Disease Study 2016, සම්බන්ධීකරණය කරන ලද්දේ සෞඛ්‍ය දත්ත සහ ඇගයීම් ආයතනය

මෙම ගණකය නිර්මාණය කරන ලද්දේ ටොම් කැල්වර්, නස්සොස් ස්ටයිලිනෝ, බෙකී ඩේල්, නික් ට්‍රිග්ල්, රැන්සම් ම්පිනි, ප්‍රීනා ෂා, ජෝ රීඩ් සහ එලිනෝ කීන් විසිනි.

මේ තොරතුරුද කියවන්න:

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • වතුර මලක් රත් පැහැ ගන්වයි
  • නාඔටුන්නේ විජිත හිමි
  • Train
  • ඩ්‍රෝන යානා සංදර්ශනයක්
  • කොලපාට කමිසයක් ඇඳ සිටින පුද්ගලයෙකු සිටී.
  • ගේට්ටුව වසා ඇති ගොඩනැගිල්ලක් පෙනේ.
  • ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීමෙන් පසු තමන්ට එල්ලවන තර්ජන ගැන සන්ධ්‍යා එක්නැලිගොඩ කතා කරයි
  • සුදු කමිසයක් ඇඳ සිටින පුද්ගලයෙකුගේ අත්දෙකට මාංචු දමා තිබේ.
  • ශිරන්ති
  • විශාල පිරිසක් එකිනෙකාගේ කර මත නැග කුළුණක් සේ නිර්මාණයක් කර ඇති අයුරු පෙනේ
  • විශාල ගින්නක් පෙනේ.
  • සුදු සරමක් සහ කමිසයක් ඇඳ සිටින පුද්ගලයෙක් බන්ධනාගාර නිලධාරීන් සමග ගමන් කරයි.
  •  කහපාට කමිසයක්සි ඇඳ සිටින පුද්ගලයෙකුගේ අත්දෙකට මාංචු දමා ඇත.
  • බල්ලෙකුගේ හිසේ කැමරාවක් සවි කර ඇත.
  • අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් පිරිසක් බස් රථයක වීදුරු බිඳ පලා ගිය අයුරු
  • හිස වෙළුම් පටිවලින් බැඳගත් පුද්ගලයෙකුගේ නාසයේ බටයක් දමා තිබේ.
  • පස් පිරිණු මාර්ගයක නිල්පාට දුම්රියක් නවතා ඇති අතර එය ඉදිරිපිට නිල පාට කමිසයක් ඇඳපු පුද්ගලයෙක් සිටී.
  • ඩ්‍රෝන යානා මගින් ගර්භණී කාන්තාවන්ට රුධිර පරීක්ෂණ ප්‍රතිඵල කඩිනමින්
  • අඳුරේ බළලුන්ගේ ඇස් ‘දිලිසෙන්නේ’ ඇයි?
  • ගුවන් ගමනකදී ඔබේ බෑගයට හානි වුණොත් කළ යුත්තේ කුමක් ද?

ජනප්‍රිය ලිපි