'මට නිහඬව ඉන්න පුළුවන්කමක් නෑ' - වෙඩි තබා ඝාතනය කෙරුණු දියණිය වෙනුවෙන් යුක්තිය ඉල්ලන ඉරාන මව

වීඩියෝ ශීර්ෂ වැකිය, සිය දියණිය ඝාතනය කළ ඉරාන රෙජීමයට එරෙහිව නැගී සිටි මවක්
'මට නිහඬව ඉන්න පුළුවන්කමක් නෑ' - වෙඩි තබා ඝාතනය කෙරුණු දියණිය වෙනුවෙන් යුක්තිය ඉල්ලන ඉරාන මව
Published

උද්ඝෝෂණ, මර්දන ක්‍රියාමාර්ග සහ යුද්ධයෙන් ගෙවුණු වසරක් තුළ, සාමාන්‍ය ඉරාන ජාතිකයන්ගේ ජීවිත සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වී තිබේ.

ටෙහෙරාන් නගරයේ තදාසන්න ප්‍රදේශයක පැවති උද්ඝෝෂණයකදී, සිය නව යොවුන් දියණිය වන සෙව්දා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු, පාලන තන්ත්‍රයට එරෙහිව නැගී සිටින සමීරා නම් ශෝකී මවකගේ කතාව 'BBC Panorama' වැඩසටහන මගින් ගෙන එයි.

ඉරානය තුළ මෙන් ම ඉන් පිටත ජීවත් වන ඉරාන ජාතිකයන් සමග කතා කිරීමට ලැබුණු මෙම දුර්ලභ අවස්ථාව ඔස්සේ, එම කැළඹිලි සහිත වසරේ අත්දැකීම්, ඊට මුහුණ දුන් පුද්ගලයින්ගේ ම වචනවලින් මෙහි විස්තර කෙරේ.