BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්: අධිකරණයේදී හෙළිවූයේ කුමක් ද?
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 04 වැනිදා) නියෝග කළේය.
ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ රුමේෂ් තරංග: ඩයමන්ඩ් ලීග් අවසන් මහ තරගය ජයගනියි
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගයේදී හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්ව ජය ගනිමින් ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනාගත්තේ ය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැති තරගයේදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 89යි දශම 0යි 4ක් දක්ෂතාවකි. ඔහු වාර්තා අතරට එක් වන්නේ ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි.
අලාර්ම් නැතිව ඔබට අවශ්‍ය වේලාවට අවදි වීමට ඔබේ ශරීරය පුරුදු කර ගන්නේ මෙහෙම යි
අලාර්ම් උපකරණයක් නොමැතිව නියමිත වේලාවට ස්වයංක්‍රීයව අවදි වීමට ඔබේ ශරීරය පුහුණු කිරීමෙන්, උදෑසන ඇති වන නිදිමත සහ අලස බව අඩු කිරීමේ සිට මනෝභාවය වැඩිදියුණු කිරීම දක්වා සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් ලබාගත හැකි ය. අවදි වීම පහසු කර ගැනීම සඳහා නින්දට යාමේදී ඔබට සිදු කළ හැකි සරල වෙනස්කම් කිහිපයක් මෙන්න.
පකිස්ථානයෙන් ලද ඔත්තුවකින් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව කොළඹදී සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම ගැන හෙළිවූ තොරතුරු
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් සහ එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනය (DEA) සමග හුවමාරු කරගෙන තිබේ. පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය ලබා දුන් තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකර කොළඹ වරායේ බහාලුම් දෙකකින් තවත් අයිස් කිලෝග්‍රෑම් 471ක් සොයාගෙන ඇති අතර, ජාලයේ තවත් සාමාජිකයන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
දරුණුතම එල් නිනෝ තත්ත්වයක් ගැන එක්සත් ජාතීන්ගෙන් බිහිසුණු අනතුරු ඇඟවීමක්
එල් නිනෝ ස්වභාවික කාලගුණ සංසිද්ධිය හේතුවෙන් ගෝලීය ආර්ථිකයන්ට බාධා පැමිණිය හැකි බවට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවා තිබේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
නැගෙනහිර වෙරළේ ඛනිජ වැලි: රටේ ඊළඟ විශාල අපනයන සම්පත ද? තවත් පාරිසරික අර්බුදයක් ද?
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ඛනිජ වැලි කැණීම්, ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට අනුව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන එන කර්මාන්තයකි. කෙසේ නමුත් මෙයින් ඇති විය හැකි පාරිසරික බලපෑම මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් සිදු කරනු ඇති බවට එම ජනතාව සැක පළ කරති.
එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'
"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.
කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?
පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.
අහංගම වෙරළ තීරයේ ඇත්තට ම සිදු වුණේ කුමක් ද? ඉදිරියේදී සිදු කිරීමට යන වෙනස්කම් මොනවා ද?
"සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී මිරිස්ස වෙරළ තිරයේ මනුස්සයෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මුහුදු වෙරළේ පුටු වගේම බංකර් බෙඩ් එහෙම තියලා තියෙන නිසා. අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසිම දෙයක් කරන්නෙපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරය ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන. මේ නිසා අපි ඉදිරියේදී වෙරළ තීරයේ යම් සීමාවන් පනවනවා පුටු වගේම බංකර් බෙඩ්ස් තියන්න පුළුවන් ප්‍රමාණවල් ගැන."
නන්දා මාලිනී: හඬ පෞරුෂයෙන් 'අරගලයක්' කළ සිංහල ගීතයේ යශෝරාවය
1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි. ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.



















































