ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාන යුද්ධය නිසා කොන්ඩම් මිල ඉහළට
ඉරාන යුද්ධය නිසා කොන්ඩම් මිල ඉහළට
ඉරානයේ යුද්ධය හේතුවෙන් ලොව විශාලතම කොන්ඩම්නි ෂ්පාදකයා වන "කරෙක්ස්" මිල ඉහළ දැමීමට සැලසුම් කරන බව නිවේදනය කර තිබේ. මැලේසියාව පදනම් කරගත් මෙම සමාගම සෑම වසරකම කොන්ඩම් බිලියන 5ක් පමණ නිෂ්පාදනය කරන අතර, ඩියුරෙක්ස් වැනි ප්‍රමුඛ වෙළඳ නාම සඳහාද, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන සමහර සහන වැඩසටහන් සඳහාද සැපයුම් සිදු කරයි.
කරෙක්ස් ප්‍රධාන විධායක නිලධාරී ගෝ මියා කියට් පවසන්නේ කෘත්‍රීම රබර් සහ නයිට්‍රයිල් වැනි අමුද්‍රව්‍ය හිඟ බවත්, තෙල් මිල ඉහළ යාම නිෂ්පාදනය සහ ප්‍රවාහනය යන දෙකේම පිරිවැය වැඩි කරන බවත්ය.