පෙම් සබඳතාවක් ප්‍රතික්ෂේප කළ තරුණියකට පිහි ප්‍රහාරක්

පෙම් සබඳතාවක් ප්‍රතික්ෂේප කළ තරුණියකට පිහි ප්‍රහාරක්

පෙම් සබඳතාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා බ්‍රසීලයේ 20 හැවිරිදි ඇලනා රෝසා පසුගිය පෙබරවාරි මාසයේදී පුද්ගලයෙක්ගේ පිහි ප්‍රහාරයකට ලක් වුවා ය. පිහි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී පියා නිවසට පැමිණීම නිසා, සැකකරු මෙල්ල කර ඇගේ ජීවිතය බේරාගෙන ගැනීමට පියා කටයුතු කළේය. සැකකරු බන්ධනාගාරගත කර ඇති අතර මේ සිදුවීමට අදාළ නඩු විභාගයේදී ඇලනා අප්‍රේල් 15 පළමු වරට සාක්ෂි ලබා දුන්නාය.

2025 දී බ්‍රසීලයේ කාන්තාවන් ඝාතනය කිරීමේ සිදුවීම් 1,470 ක් වාර්තා වී තිබේ. ජනාධිපති ලූලා ද සිල්වා මෙම වසර මුලදී රටේ ස්ත්‍රී පුරුෂ භාවය මත සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව 'ගිවිසුමක්' ප්‍රකාශයට පත් කළේය.