ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මගේ දරුවා අමු අමුවේ ඝාතනය කළා': ජපානයේ 'පොලිස් අත්අඩංගුවේ සිටියදී' මියගිය තරුණයාගේ මව බීබීසීයට කතා කරයි
ජපානයේ, ඉබරාකි ප්‍රාන්තයේ, ට්සුචියුරා නගරයේ "පොලිස් අත්අඩංගුවේ සිටි" 22 හැවිරිදි විචක්ෂණ සුපසන් රැඳවුම් කුටියක් තුළදී මියගොස් තිබුණේ මැයි 19 වන දා ය.
ඔහු 2023 වසරේදී කාර්මික පාඨමාලාවක් හැදෑරීම සඳහා ජපානය වෙත ගොස් තිබිණි.
බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ මව දර්ශි හෙන්දාවිතාරණගේ සඳහන් කළේ, විචක්ෂණ සොරකමක් සම්බන්ධ චෝදනාවකට සැකපිට පෙබරවාරි මස අත්අඩංගුවට ගෙන තිබුණු බව ය.
එතැන් සිට මාස තුනක පමණ කාලයක් ඔහු ට්සුචියුරා පොලිස් ස්ථානයේ රඳවා තබා ගෙන සිට ඇත.
සම්මුඛ සාකච්ඡාව අතරතුර ඇය තම පුත්‍රයා පොලිස් ස්ථානය තුළදී "නොසලකා හැරුණු" ආකාරය පිළිබඳව සඳහන් කළා ය.
"වතුර ඉල්ලුවා ම නිලධාරීන් වතුර එක මෙහෙම ගෙනැල්ලා එයාගේ ඉස්සරහා ම වතුර එක බිමට හළනවා කිව්වලු නංගිට. වතුර බොන්න දෙන්නේ නැහැ, මට හරි අමාරුයි, ලෝයර්ට කියන්න මාව බේර ගන්න කියලා කිව්වලු."