'පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගෙන් රැඳවුම් නියෝග යටතේ හෝ ප්‍රශ්න කළ යුතුයි'

'පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගෙන් රැඳවුම් නියෝග යටතේ හෝ ප්‍රශ්න කළ යුතුයි'

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් පසුබිම කුමක් වුවත් ඒ පුද්ගලයින්ගෙන් රැඳවුම් නියෝග යටතේ හෝ ප්‍රශ්න කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (අප්‍රේල් 21) පාස්කු ප්‍රහාරය සිදු වී වසර හතක් පිරිම නිමිත්තෙන් පැවති විශේෂ දේව මෙහෙයේදී පැවසූහ.

පරීක්ෂණ නිසි ලෙස සිදු කිරීමේදී ඇතැම් පුද්ගලයින් ඊට බාධා කරන බවත්, රණවිරු ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සහ කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් බවත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති එම දේව මෙහෙයේදී උන් වහන්සේ සඳහන් කළහ.