නිදහසේ කුණු කූඩය: ඕපාදුප සොයන කාන්තා සඟරා
Published
ලෝකයේ මුලින්ම ප්‍රකාශයට පත් කළ කාන්තා සඟරාව 1963 දී ප්‍රකාශයට පත් කළ 'The Ladies Mercury' ලෙස විශ්වාස කෙරේ.
එම සඟරාව, "කන්‍යාවියන්ගේ, බිරින්දෑවරුන්ගේ හා වැන්දඹුවන්ගේ ලිංගික කටයුතු පිළිබඳ හාස්‍යය දනවන තොරතුරු මෙන්ම, ආදරය, විවාහය, ජීවිතය, ඇඳුම් සම්බන්ධ සියලුම ප්‍රිය මනාප සහ කුතුහලය දනවන ප්‍රශ්න," ආවරණය කරන්නට සහතික විය.
වර්තමාන කාන්තා සඟරා වැඩි වශයෙන් පොරොන්දුවනු දක්නට ලැබෙන්නේ විලාසිතා සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප තොරතුරු රැගෙන එන්නටය. ඒ අතරම පුළුල් පරාසයක මාතෘකා ද එමගින් ආවරණය කෙරේ.
පහත ලැයිස්තුවෙන් යමක් තෝරා එය පීඩාකාරී බවේ සංකේතයක් වන්නේ කෙසේ දැයි දැනගන්න
රූපලාවණ්‍ය උපකරණ
"රූපලාවණ්‍ය නොමැතිව නිවසින් එලියට ගියත් පුරුෂයන් ගැන කිසිවක් කියන්නේ නෑ."
තවත් කියවන්න රූපලාවණ්‍ය උපකරණඇඟට අපහසු මෝස්‌තර
"කාන්තාවෝ ඒවා පළඳින්නේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒවා වේදනාකාරීයි, ප්‍රායෝගික නෑ වගේම ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්."
තවත් කියවන්න ඇඟට අපහසු මෝස්තරමුළුතැන් ගෙයි උපකරණ
"කාන්තාව අයිති වෙන්නේ කුස්සියට කියන දේ සාමාන්‍යකරණය වීම මට එපා වෙලා තියෙන්නේ." - එමා
තවත් කියවන්න මුළුතැන් ගෙයි උපකරණනිවසේ මෙහෙවර
"සමානාත්මතාව පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා කොල්ලනේ ඔය පස්ස උස්සලා පිරිසිදු කරන්න පටන් ගන්න."
තවත් කියවන්න නිවසේ මෙහෙවරතනපට
"ලස්සන වෙන්න කියල කාටවත් මට බලකරන්න බෑ. තනපට නැතත් මම ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්." - ලීසා
තවත් කියවන්න තනපටජනප්රිය තරු
"හැම නිරූපිකාවකටම තියෙන්නේ එක වගේ ඇඟක්. එයාලට තියෙන්නේ දුක්ඛිත පෙනුමක් - හරිම නීරසයි!." - වෙන්ඩි
තවත් කියවන්න ජනප්‍රිය තරුමංගල උත්සවය
"මංගල මුද්ද කාන්තා විරෝධීයි කියල මම විශ්වාස කරනවා. මුද්ද පැළඳ ගත්ත කාන්තාව තවත් කෙනෙකුට අයිතියි කියන අදහසක් ඒකෙන් කියවෙනවා." - මැටිල්ඩා
තවත් කියවන්න මංගල උත්සවයසමාජ මාධ්‍ය ජාල
"ජංගම දුරකථන තරුණ අයගේ මානසික සෞඛ්‍යයට බොහොම නරකයි. විශේෂයෙන්ම දැරියන්ට. ඔවුන්ට නිතරම අස්වාභාවික සහ භයානක පරමාදර්ශවලට මුහුණ දෙන්න වෙනවා." - රොෂාන්
තවත් කියවන්න සමාජ මාධ්‍ය ජාලදැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු
"දැරියන්ට සහ දරුවන්ට වෙන්වුණ සෙල්ලම් බඩුවලින් කරන්නේ සමහර දේවලට විතරක් කැමති වෙන්න කියල දරුවන්ට කියන එක." - ඇනා
තවත් කියවන්න දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩුතවත් යමක්
පීඩාකාරී බවේ සංකේත යනු කවරක්ද? "නිදහසේ කුණු බක්කිය" ව්‍යාපාරයේ පසුබිම දැනගෙන ඔබේ තෝරාගැනීමක් ද යෝජනා කරන්න
තවත් කියවන්න තවත් යමක්
පාඨකයාට අවශ්‍ය දේ ලබා දෙන බැවින් තමන් සාර්ථකත්වය ලබා ඇති බවට සඟරා හිමිකරුවන් සහ සංස්කාරකවරුන් තර්ක කළ හැකිය.
නමුත්, සමාජයේ නව දැක්ම අනුව, ප්‍රසිද්ධ තරු පිළිබඳව වැඩි වැඩියෙන් සඟරා ඉඩකඩ වෙන් කිරීම, තරුණ පරපුරේ මානසික සෞඛ්‍යයට බලපාන බවට චෝදනාවක් ඇත.
මෑතකදී එක්සත් රාජධානියේ කරන ලද සමීක්‍ෂණයකින්, වයස අවුරුදු 11-16 අතර පිරිසෙන් 58% ක්, 'තරු සංස්කෘතිය සමාජය පෙනුමෙන් පරිසමාප්ත කිරීමට' පීඩනයක් යොදන බවට චෝදනා කරති.