උතුරු ඉන්දියාවේ 'උත්තරඛාන්ඩ්' පළාතේ ලැව් ගිනි

India-Forest Fire

ඡායාරූප මූලාශ්‍රය, Raju Gusain

ඡායාරූප ශීර්ෂ වැකිය, අවමවශයෙන් මෙම ගින්න හේතුවෙන් සය දෙනෙකු මියගොස් ඇති බවයි පැවසෙන්නේ
Published

උතුරු ඉන්දියාවේ 'උත්තරඛාන්ඩ්' පළාතේ කැලෑවල දැනට පවතින අති විශාල ලැව් ගින්න පාළනය කළ හැකි තත්වයකට ගෙනවිත් ඇති බව ඉන්දියානු බලධාරීහු පවසති.

අදාළ මෙහෙයුමේ වගකීම් භාර ප්‍රධාන නිලධාරියෙකු පැවසුවේ ගින්න පැවති ප්‍රදේශ වලින් 70% කට වඩා වපසරියක දැන් ජලය විසුරුවා ඇති බවයි.

ඉන්දියානු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මෙම ජලය ඉසීමේ කාර්යය සඳහා යොදවා තිබේ.

India-Forest Fire

ඡායාරූප මූලාශ්‍රය, Raju Gusain

ඡායාරූප ශීර්ෂ වැකිය, මැයි 1 වැනිදා වනවිට මේ ප්‍රාන්තයේ දී පමණක් ලැව් ගිනි 1218 ක් වාර්තා වී තිබේ

කොටින් සංරක්ෂණය සඳහා වෙන්කර ඇති කැලෑවකට ගින්න පැතිර යාමේ අවදානමද පහව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

තුවාල කරුවන් පිළිබඳවද වාර්තා වී ඇති නමුත් නිවැරදි සංඛ්‍යාව පිලිබඳ පැහැදිලි තොරතුරු ලැබී නැත.