දින හතරක් ඉන්ධන පෝලිමේ සිටින අතරතුර 'කාඩ්' ගැසූ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බීබීසීයට කියපු කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, දින හතරක් ඉන්ධන පෝලිමේ සිටින අතරතුර 'කාඩ්' ගැසූ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බීබීසීයට කියපු කතාව
Published

තනතුරු හෝ සමාජ තත්ත්වය පසෙකලා ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණනාවක් බොහෝ දෙනෙකු පෝලිම්වල කාලය ගත කරති.

දින හතරක් මහරගම ඉන්ධන පෝලිමක සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳුන් සෙනරත් ඇතුළු පිරිසක් තමන් ලද අත්දැකීම් බීබීසීයට පැවසුහ.

කාලය ගත කිරීම සඳහා පෝලිමේ සිටි පිරිස සමග 'කාඩ්' ක්‍රීඩා කිරීමට සිදුවූ බවත් ''මට දුක අපි ගැන නෙමෙයි, ඊළඟ පරම්පරාව ගැන. උන්ට ඉන්න තැනක් නෑනේ.'' යනුවෙන් ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳුන් සෙනරත් එහිදී පැවසුවාය.