ඉන්ධන අර්බුදය ; ''බයිසිකල් මලකඩ කාපුව සේරම අරගෙන එනවා දැන් හදන්න. නිදහසක් නෑ.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්ධන අර්බුදය ; ''බයිසිකල් මලකඩ කාපුවයි සේරම අරගෙන එනවා දැන් හදන්න. නිදහසක් නෑ.''
Published

රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන හිඟය නිසා පාපැදි භාවිතයේ වැඩි වීමක් දක්නට ලැබේ.

එම තත්ත්වය මත පැරණි පාපැදි අලුත්වැඩියා කිරීමට පෙළඹීම ද ඉහළ ගොස් ඇතැයි වින්කල් හිමියෝ පවසති.

''දුප්පතාගේ හිතවතා තමයි බයිසිකලේ. මේවා හදාගන්න එන්නේ ලොකු මිනිස්සු නෙමෙයි. ඒ නිසා අපිට ලොකු ගාණක් ඉල්ලන්නත් බෑ. අපිත් සල්ලිකාරයෝ නෙමෙයි. මේකෙන් ජීවත් වෙන්නත් ඕනා. දැන් නිදහසත් නෑ.'' යනුවෙන් කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ වින්කලයක් පවත්වාගෙන යන ජී.ඒ කොල්වින් බීබීසීයට පැවසුවේය.