කොවිඩ්: 'කොපමණ උපදෙස් දුන්නත් සමහරු සංචරණ සීමා පිළිපැද්දේ නැහැ' - ගෝඨාභය රාජපක්ෂ
Published
රට තුළ සංචරණ සීමා කර සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් වන්නැයි කෙතරම් උපදෙස් දුන්න ද ඇතැම් කොටස් ඊට පූර්ණ සහාය නොදුන් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
සිකුරාදා (ජුනි 25) රාත්‍රී 08:30 ට ජාතිය අමතමින් ඔහු කියා සිටියේ සැප්තැම්බර් මාසය වන විට රටේ මිලියන 22 පමණ වන ජනගහනයෙන් මිලියන 13 කට කොවිඩ් එන්නත ලබා දීමට හැකි වනු ඇති බවය.
බදු බර සහ ආණ්ඩුව වෙත එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළේය.
"අද සත්‍ය යටපත් වී බොරුව ජය ගනිමින් තිබෙන" තත්ත්වයක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ ගැනත් කියවන්න: