චීනයේ වැඩබිම් අනතුරකින් රැසක් මරුට

චීනයේ අනතුරකින් හතළිහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Xinhua

Published

චීනයේ ජියෑන්ග්සි පළාතේ ගොඩනැගිල්ලක් ඉදිකෙරෙමින් පැවති ස්ථානයක තාවකාලික වේදිකාවක් කඩා වැටීමෙන් පුද්ගලයන් හතළිස් දෙනකු පමණ මරුමුවට පත් වී ඇත.

බලශක්ති බලාගාරයක වාෂ්ප සිසිල් කිරීම සඳහා කුලුනක් තනමින් සිටිය දී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

චීනයේ අනතුරකින් හතළිහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Xinhua

චීන මාධ්‍ය වාර්තා කළේ කඩා වැටුණු වේදිකාවේ සුන්බුන් අතර තවමත් සිර වූ පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

ජියෑන්ග්සි පළාතේ ගිනි නිවන හමුදාවේ ට්‍රක් රථ තිස් දෙකක් සහ පුද්ගලයන් 212කින් සමන්විත ගලවා ගැනීමේ කණ්ඩායමක් එම මෙහෙයුම වෙනුවෙන් අනුයුක්ත කර තිබේ.

අනතුර සිදු වූ අවස්ථාවේ පුද්ගලයන් හැට අට දෙනෙකු ගොඩනැගිල්ල ඉදි කිරීමේ නිරතව සිටි බව වාර්තා වේ.