ශතකය වාර්තා කළේ අවශ්‍යම මොහොතක - කුසල්

වීඩියෝ ශීර්ෂ වැකිය, ශතකය වාර්තා කළේ අවශ්‍යම මොහොතක - කුසල් මෙන්ඩිස්
Published

තම කණ්ඩායමට අත්‍යවශ්‍යම මොහොතේ තමන්ට ලකුණු සියයක් වාර්තා කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී තමාට ලබාගනීමට හැකිවූ ප්‍රථම ටෙස්ට් ශතකය පිලිබඳ අදහස් දකවමිනුයි.

තම බලාපොරොත්තුව වන්නේ දෙවන ඉනිමේදීත් කණඩායම වෙනුවෙන් පිටියේ රැඳී සිට ලකුණු දෙසීයක් හෝ දෙසිය පනහක් ලබා දීම බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තම ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා වූයේත් මෙම පිටියේ දීම බව පැවසූ කුසල් මෙවර ලබාගත් ශතකය පිළිබඳව තමා සතුටට පත්වන බවයි පැවසුවේ.