BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු කැනඩාවේදී අත්අඩංගුවට ගැනීම ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
ටොරොන්ටෝ පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉන්ටර්නෙට් ළමා සූරාකෑමේ ඒකකයේ නිලධාරීන් විසින් සෝදිසි වරෙන්තුවක් මත අදාළ වෛද්‍යවරයා සේවය කරන රෝහල සහ ඔහුගේ පෞද්ගලික නිවස පසුගිය පෙබරවාරි මාසයේදී සෝදිසි කිරීමට ලක් කළ බව ය. එහිදී පොලිස් නිලධාරීන් විසින් ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑමේ අන්තර්ගතයන් වෙත ප්‍රවේශවීමට සහ ඒවා භාගත කිරීමට යොදා ගත් බව කියන පරිගණකයක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයක් ඔවුන් භාරයට ගෙන තිබේ.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම: හිටපු නාවික හමුදාපතිට ඇප
2008 වසරේ කොළඹ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
ගුවන් නියමුවෙකු වෙන්න ඔබට අවශ්‍ය සුදුසුකම් මොනවා ද?
ගුවන් නියමුවෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සහ පියවර ගැන බොහෝ දෙනා උනන්දුවක් දක්වති. ඒ නිසාම, මේ පිළිබඳ නිවැරදි තොරතුරු සොයා බැලීමට බීබීසී සිංහල, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සම්බන්ධ කර ගත්තේය.
'ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි': කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් හදිසියේ ක්‍රීඩාවෙන් සමුගනී
ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නිවේදනය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා කිරීමට තවත් කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය පහසු නොවුණු බව" ය. "ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ උණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු," ඔහු එහි සඳහන් කර ඇත.
සුරේෂ් සලේ වෙනුවෙන් දින 7ක් කළ කරුණු දැක්වීම අවසන්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
"ස්වාමීනී... පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුණු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුණු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනක ම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුණු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..."
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඔබත් මෙම AI කතුන්ට රැවටුණා ද? නව අධ්‍යයනයකින් හෙළිවූ කරුණු
මෙම අධ්‍යයනයේ හමුවූ සීමා ද වැදගත් සොයාගැනීමක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දෙන ඔහු ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ, මෙම ගිණුම් එක ම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සතු ද , ඒවා මෙහෙයවන්නේ කවුද, ඒවා පිටුපස ස්වයංක්‍රීය පද්ධති තිබෙන්නේ, සහ ඒවායෙන් ලැබෙන ආදායම අවසානයේ කා වෙත ගලා යන්නේ ද යන්න ෆේස්බුක්හි ප්‍රසිද්ධියේ පෙනෙන තොරතුරු පමණක් ඇසුරෙන් තහවුරු කළ නොහැකි වීම යන්න ය.
මරියසෙල් ගුණතිලක: අවුරුදු 7දී ගායන වේදිකාවට පා තබා 68දී ජීවිත වේදිකාවෙන් බැස ගිය 'කැන්ඩි ළමිස්සි'
සිංහල සංගීත ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, 'කැන්ඩි ළමිස්සි' ගීතය යි. 1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.
ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්
රජයේ මුදල් කාරක සභාවට අනුව, මෙම වංචාව සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ අදාළ මූල්‍ය ආයතනයෙන් ඒවා ඇති බවට පෙනෙන ව්‍යාජ විද්‍යුත් තැපැල් සන්නිවේදනයන් හරහා ය. වංචාකරුවන් සැබෑ ණයහිමියාගේ ලිපිනයට සමාන විද්‍යුත් තැපැල් ලිපින භාවිතාකර වෙනස් කළ බැංකු ගිණුම් විස්තර අඩංගු ඉන්වොයිසි යවා ඇති බව මෙහිදී නිරීක්ෂණය කර තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වාර්තා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටුම් ඉතිහාසය: 1900 සිට 2026 දක්වා
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 1900 වර්ෂයේදී මහර ප්‍රදේශයේ ගල්වළක් තුළ සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. පසුව මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට එහි සිංහල කාර්ය මණ්ඩලය ඉවත් කර මැලේ කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගෙන තිබිණි.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ගැන ඔබ නිතර නගන ප්‍රශ්න 10කට පිළිතුරු
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ජූලි 5 සහ ජූලි 6 යන දිනවල ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාඨක ඔබ නගන ප්‍රශ්න 10කට පිළිතුරු ලබාදීමට මෙම ලිපිය මගින් බීබීසී සිංහල අපේක්ෂා කරයි.



















































