ඉන්දීය අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි: විභාග අක්‍රමිකතාවකට එරෙහිව ඇරඹුණු දේශපාලන ගමනක දෛවෝපගත අවසානය

Darmendra Pradhan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී හින්දි
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වී තිබේ. ඒ, ඔහුට එරෙහිව කැරපොතු ජනතා පක්ෂය සති කිහිපයක් තිස්සේ දිල්ලියේ ජන්තර් මන්තර්හිදී විරෝධතාවල නිරත වී සිටින පසුබිමක ය.

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලවලට සුදුසුකම් ලැබීමේ විභාගය වන NEET විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ ගැටලුව සම්බන්ධයෙන් ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්විණි.

ධර්මේන්ද්‍ර ප්‍රධාන් සමාජ මාධ්‍යයේ තැබූ සටහනක පවසා ඇත්තේ, තම ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති නමුත් ඔහුගේ ඉල්ලා අස්වීම තවමත් පිළිගෙන නොමැති බව ය.

"ජන්තර් මන්තර්හි පවතින තත්ත්වය සහ රට තුළ ඇති වී තිබෙන තත්ත්වයෙන් ජාතික විරෝධී බලවේග ප්‍රයෝජන නොගත යුතු යි, රටේ ඒකීයභාවය පවත්වා ගත යුතු යි, ඉන්දියාවේ එක් ශිෂ්‍යයෙකුගේවත් අනාගතය නීතිමය ගැටලුවක පැටලීමට ඉඩ නොදිය යුතු යි, අපේ දරුවන් අධ්‍යයන කටයුතුවල කාලය ගත කළ යුතු යි, වෘත්තියක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යි, මෙය මතකයේ තබා ගනිමින්, මම මගේ ඉල්ලා අස්වීම ගරු අගමැතිතුමාට යවා ඇත්තෙමි," යනුවෙන් ඔහු Xහි සටහන් කර තිබිණි.

කැරපොතු ජනතා පක්ෂයේ නිර්මාතෘ අභිජිත් ඩිප්කේ පැවසුවේ, "අපි ඒක කළා. ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වුණා," යනුවෙනි.

1996දී කම්කරු රැස්වීමක් අමතන ධර්මේන්ද්‍ර ප්‍රධාන්

ඡායාරූප මූලාශ්‍රය, Prashant Raut

ඡායාරූප ශීර්ෂ වැකිය, 1996දී කම්කරු රැස්වීමක් අමතන ධර්මේන්ද්‍ර ප්‍රධාන්

දෛවෝපගත ඉල්ලා අස් වීම

මෙලෙස ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක් සම්බන්ධයෙන් ඉල්ලා අස්වූ ධර්මේන්ද්‍ර ප්‍රධාන් ද දශක කිහිපයකට පෙර ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් පැවැත්වූ විරෝධතාවල සාමාජිකයෙකු වීම සහ ඔහු ද එම විරෝධතාවලදී පොලිස් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ අයෙකු වීම දෛවෝපගත සිදුවීමකි.

2021දී "ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්" පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් නැවතත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතියි.

මෙම පුවතට අනුව, ජේ.බී. පට්නායික්ගේ රජය සමයේ 1997දී ඔඩීෂාහි ප්‍රශ්න පත්‍ර කලින් පිටවිමකට එරෙහිව අඛිල් භාරතීය විද්‍යාර්ථ පරිෂද් (ABVP) විසින් රාජ්‍ය ලේකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කරන ලද විරෝධතාවකදී ධර්මේන්ද්‍ර ප්‍රධාන් පොලිස් ප්‍රහාරයකින් තුවාල ලැබී ය.

ප්‍රධාන් මෙම පෙළපාලියට නායකත්වය දුන්නේ ය.

මෙම සිදුවීමෙන් වසර 29කට පසු, 2026 ජූලි 20 වන දින, අගමැති මෝදිට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි සිසුන්ට සහ තරුණයින්ට පොලිසිය විසින් එල්ල කළ පොලු ප්‍රහාරයකින් බොහෝ විරෝධතාකරුවෝ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.

ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ දේශපාලන ගමන් මග

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ දිගු දේශපාලන ගමන ආරම්භ වූයේ අසූව දශකයේ ශිෂ්‍ය දේශපාලනයෙනි.

ඔහු භාරතීය ජනතා පක්ෂයේ ශිෂ්‍ය හා තරුණ සංවිධාන තුළ සාර්ථක ව ඉදිරියට ගමන් කළේ ය. ඔහුගේ දැඩි කැපවීම් හරහා දේශපාලන ගමන්මගේ සාර්ථකව ඉදිරියට ගමන් කළේ ය.

ප්‍රධාන් 1994දී ABVPහි ජාතික මහ ලේකම් ධූරයට පත්වූ අතර 1997 දක්වා මෙම තනතුර දැරී ය. ඔහු 2004 සිට 2006 දක්වා භාරතීය ජනතා යුවා මෝර්චාහි සභාපති ලෙස කටයුතු කළේ ය. පසුව ඔහු භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම් බවට පත්වූ අතර, මෙම තනතුර දරන සමයේදී, උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ කර්ණාටක ඇතුළු ප්‍රාන්ත කිහිපයක පක්ෂයේ ජයග්‍රහණ සඳහා ප්‍රාන්ත සංවිධායක ලෙස ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළේ ය.

ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ මැතිවරණ ජීවිතය ආරම්භ වූයේ, 2000 වසරේදී, ඔහු බීජේඩී-බීජේපී සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස පල්ලහ්රා සභා [ඔඩිෂා ප්‍රාන්තයේ මැතිවරණයක්] මැතිවරණ කොට්ඨාසයෙන් ජයග්‍රහණය කිරීමත් සමය ය.

වසර හතරකට පසු, 2004 මහ මැතිවරණයේදී, ඔහු ඩියෝගාර් පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. ඩියෝගාර් මේ වන විට පාර්ලිමේන්තු කොට්ඨාසයක් නොවේ. එය සම්බල්පූර් පාර්ලිමේන්තු කොට්ඨාසය සමග ඒකාබද්ධ කර ඇති අතර, 2024දී එම කොට්ඨාසයෙන් ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.

2004න් පසු, ඔහු දිගු කලක් මැතිවරණවලට තරග කළේ නැත.

කෙසේ වෙතත්, පක්ෂය තුළ ඔහුට තිබූ ප්‍රමුඛතාවය නිසා, ඔහු දෙවරක් වෙනත් ප්‍රාන්තවලින් රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු බවට පත්විය.

2012 අප්‍රේල් සිට 2018 අප්‍රේල් දක්වා බිහාර් ප්‍රාන්තයෙන් ද, පසුව 2018 අප්‍රේල් සිට 2024 අප්‍රේල් දක්වා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද ඔහු එලෙස රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත් විය.

2014 දී, නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් භාරතීය ජනතා පක්ෂ රජය බලයට පත්වූ විට, ප්‍රධාන් ඛනිජ තෙල් රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් වූයේ, ඔහු රාජ්‍ය සභාවේ බිහාර් ප්‍රාන්තය නියෝජනය කරමින් ලැබූ පත්විමකිනි. අවසන් වරට මැතිවරණයකට ඉදිරිපත් වී දශක දෙකකට පසු, 2024 දී, ඔහු නැවතත් ඔඩිෂාවෙන් මැතිවරණයට තරග කර ලෝක් සභා මන්ත්‍රීවරයෙකු බවට පත් වීමෙන් පසු ඔහු අධ්‍යාපන ඇමති ධූරයට පත් විය.