ඇමෙරිකා - ඉරාන අවබෝධතා ගිවිසුම ගැන ට්‍රම්ප් සතුට පළ කළත් ඉතිරිව ඇති ගැටලු මොනවා ද?

ඩොනල්ඩ් ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 8

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ගිවිසුමකට එළඹ ඇති බව එහි මැදිහත්කරු ලෙස කටයුතු කරන පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් පවසයි.

"පුළුල් සාකච්ඡාවලින් පසු, එක්සත් ජනපදය සහ ඉරානය සාම ගිවිසුමකට එළඹ ඇති බව අපි සතුටින් ප්‍රකාශ කරමු," යනුවෙන් ඔහු සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේ ය.

"ලෙබනනය ඇතුළුව සියලු ම පෙරමුණුවල හමුදා මෙහෙයුම් වහා ම සහ ස්ථිරව ම අවසන් කරන බව දෙපාර්ශවය ම ප්‍රකාශ කර සිටිනවා."

ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමේ උත්සවය ජූනි 19 වන දින ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන බවත් පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් තවදුරටත් පැවසීය.

ඉරානය සමග ගිවිසුමට එකඟත්වය පළවී ඇති බව ට්‍රම්ප් තහවුරු කරයි

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය ගිවිසුමකට එළඹ ඇති බවට පකිස්ථානය කළ නිවේදනය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කරනු ලැබ තිබේ.

"ඉස්ලාමීය ඉරාන ජනරජය සමග ඇති ගිවිසුම දැන් සම්පූර්ණ යි," ඔහු Truth Socialහි සඳහන් කළේ ය.

"හෝමූස් සමුද්‍ර සන්ධිය නොමිලේ විවෘත කිරීමට මම මෙයින් සම්පූර්ණයෙන් ම අවසර දෙන අතර, ඒ සමග ම එක්සත් ජනපද නාවික අවහිරතාව වහාම ඉවත් කිරීමට අවසර දෙනවා," ඔහු පැවසුවේ ය.

"ලොව පුරා නෞකා නැවත ඔබේ එන්ජිම පණ ගන්වන්න. තෙල් ප්‍රවාහනය නැවත ආරම්භ කිරීමට ඉඩ දෙන්න."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් එක්සත් ජනපද – ඉරාන ගිවිසුම පිළිබඳව සටහනක් පළ කරමින්, අනෙක් අය අසමත් වූ තැන තමන් සාර්ථක වී ඇති බව පැවසීය.

"මෙම සුවිශේෂී ගනුදෙනුව මුළු කලාපයට ම සාමය සහ ආරක්ෂාව ගෙන එනු ඇත," ඔහු Truth Socialහි සටහන් කර තිබේ.

"බොහෝ ජනාධිපතිවරුන් ඉරානය සමග සාමය ඇති කර ගැනීමට උත්සහ කළත්, මට පෙර සිටි ඔවුන් සියලු දෙනා අසමත් වුණා. කලාපයේ නායකයින් පළමු වරට සැබෑ සාමය ඇති කිරීමට උපකාර කළ හැකි ජනාධිපතිවරයෙකු සොයාගෙන තිබෙනවා."

"සිකුරාදා ගිවිසුම අත්සන් කර මුහුදු බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ පසු, කලාපය හරහා තෙල් නැව්ගත කිරීම් නැවත ආරම්භ වන අතර, එමගින් කලාපයට සහ ලෝකයේ සෙසු ප්‍රදේශවලට ප්‍රතිලාභ ලැබෙනු ඇත," ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සිය Truth Social ගිණුමේ සටහන් කර තිබිණි.

ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ඝාරිබාබාඩි රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ තහවුරු කළේ, එක්සත් ජනපදය සමග අත්සන් තැබෙන ගිවිසුම සකස් කර අවසන් බවත්, සිකුරාදා ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් ඊට අත්සන් තබන බවත් ය.

"ලෙබනන් ඇතුළු විවිධ පෙරමුණු මත යුද්ධය සහ හමුදා මෙහෙයුම්වල කඩිනම් සහ ස්ථිර අවසන් කිරීම අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත," යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබිණි.

ඔහු තවදුරටත් පැවසුවේ, ඉරානයට එරෙහිව පනවා ඇති ඇමෙරිකානු නාවික අවහිර කිරීම ද අද රාත්‍රියේ ඉවත් කරනු ඇති බව ය.

AFP පුවත් සේවයට අනුව, ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සිකුරාදා ජිනීවාහි ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සහභාගී වීමට සැලසුම් කර ඇත. ඇතැම්විට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට අත්සන් කිරීමේ හැකියාවක් පවතින බව එම පුවත් සේවය වාර්තා කළේ ය.

ඔහුගේ ගමන් බිමන් සහ එක්සත් ජනපද ගුවන් යානා යෙදවීම පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන පිරිස්වලට අනුව මෑත දිනවල එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ, වියානාහි පැවැත්වීමට නියමිතව තිබූ අත්සන් කිරීමේ උත්සවයට පෞද්ගලිකව සහභාගී වීමට වඩාත් ම ඉඩ ඇති නිලධාරියා උපජනාධිපති වැන්ස් බව ය.

ලෝක නායකයින්ගෙන් පැසසුම්

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය (E4 කණ්ඩායම) යන රටවල නායකයින් පැවසුවේ, මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එක්සත් ජනපදය, ඉරානය සහ කලාපීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බව ය.

E4 කණ්ඩායම පැවසුවේ, ''එක්සත් ජනපදය, ඉරානය, පකිස්ථානය, කටාර් සහ මෙම රාජ්‍ය තාන්ත්‍රික ඉදිරි ගමන සුරක්ෂිත කිරීමට උදව් කිරීමට සම්බන්ධ වූ සැමට අප සුබ පතනවා,'' යනුවෙනි.

"කලාපීය ස්ථාවරත්වය නැවත ගෙන ඒමට සහ ගෝලීය ආර්ථිකය ස්ථාපනය කිරීමට මෙය අනගි අවස්ථාවක්."

ගිවිසුම ඉක්මනින් හා සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බව නායකයෝ පැවසූහ. "හෝමූස් සමුද්‍ර සන්ධිය හැකි ඉක්මනින් නැවත විවෘත කළ යුතු බවත්, නැව්වලට සීමාවන් නොමැතිව නිදහසේ යාත්‍රා කිරීමට ඉඩ දිය යුතු බවත්" ඔවුහු අවධාරණය කළහ.

"ඉරානය කිසි විටෙකත් න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකළ යුතු බවට" අවධාරණය කළ ඔවුන්, ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි සහ සනාථ කළ හැකි පියවර ගන්නේ නම් සම්බාධක ඉවත් කිරීමට සූදානම් බව ද පැවසූහ.

පකිස්ථාන නායකයන් සමඟ ඇවිද යන ඇමෙරිකානු ජනාධිපති උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්. ඔහු මීට පෙර අප්‍රේල් මාසයේදී පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී ඉරාන නිලධාරීන් සමඟ සාකච්ඡාවලට සහභාගී විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන - ඇමෙරිකා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජේ.ඩී.වෑන්ස් ස්විට්සර්ලන්තයට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

කරුණු 14කින් යුතු අවබෝධතා ගිවිසුම ගැන ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර කරුණු 14කින් සමන්විත වන අවබෝධතා ගිවිසුමක් (MoU) සඳහා වන කෙටුම්පතේ විස්තර යැයි හඳුන්වන කරුණු ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරමින් සිටී.

කෙසේ වෙතත්, අවබෝධතා ගිවිසුමේ සඳහන් බව පවසන මෙම කරුණු සම්බන්ධයෙන් දෙරට ම නිල වශයෙන් තහවුරු කර නොමැත.

අර්ධ නිල ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනයක් වන මෙහර් (Mehr) ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කරන එම කරුණු අතරට:

  • ලෙබනන් ඇතුළු සියලු පෙරමුණුවල ස්ථිර සටන් විරාමයක්
  • ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට ඇමෙරිකාව මැදිහත් නොවීම
  • දින 30ක් තුළ ඇමෙරිකානු නාවික අවහිරතාව ඉවත් කිරීම
  • ඇමරිකානු හමුදා ඉරානයෙන් ඉවත් වීම
  • දින 30 තුළ "ඉරාන සැලසුම් යටතේ" හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම
  • එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්ව අවම වශයෙන් ඩොලර් බිලියන 300ක් වටිනා ප්‍රතිසංස්කරණ සැලසුම් ඉරානයට ලබාදීම.
  • ඉරානයේ ඉන්ධන සහ ඛනිජ නිෂ්පාදන සඳහා වන සීමා ඉවත් කිරීම.
  • න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකිරීමට ඉරානයේ කැපවීම නැවත අවධාරණය කිරීම.
  • කලාපය තුළ තම හමුදා වැඩි නොකිරීමට සහ නව සම්බාධක පැනවීමට එක්සත් ජනපදය කැපවී සිටීම.

"අවසන් සාකච්ඡා ආරම්භ කෙරෙන්නේ ඉරානයේ තහනම් කර ඇති මුදල් අඩක් මුදාහැරීම, ඉන්ධන සඳහා පනවා ඇති සීමා අත්හිටුවීම සහ නාවික අවහිරය ඉවත් කිරීමෙන් පසුව" බව මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

අවසාන ගිවිසුම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනුමත කරනු ඇති බව එහි සඳහන්.

එකඟතාවකට පැමිණීමට පෙර පැය 15ක සාකච්ඡාවක්

එක්සත් ජනපදය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් වන කෙටුම්පත පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා කටාර් මැදිහත්කරුවන් ටෙහෙරානයේ පැය 14 ත් 15 ත් අතර කාලයක් දීර්ඝ සාකච්ඡා පැවැත්වූ බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැවසීය.

"මෙම සාකච්ඡා ක්‍රියාවලියට බොහෝ කාලයක් ගත වුණා," කසෙම් ගරිබාබාඩි සඳුදා ඉරාන රාජ්‍ය මාධ්‍යයට පැවසීය.

"ඊයේ කටාර් දූත පිරිසක්, ඉරානය සහ ඇමරිකාව අතර ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුමේ සටහන අවසන් කිරීමට ටෙහෙරාන්හි රැඳී සිටියා."

"පැය 14 –15 ක් වගේ දිගු සාකච්ඡා පැවැත්වුණු අතර, ඒ අවස්ථාවේදී අපි ඉරානයේ අවසාන සංශෝධන ඉදිරිපත් කළා. මෙම සංශෝධන පිළිගත් අතර, අවසානයේ අවබෝධතා ගිවිසුම ගැන වූ කෙටුම්පත සම්මත වුණා."

ඔහු තවදුරටත් පැවසුවේ, අවසාන ගිවිසුම පිළිබඳ සාකච්ඡා දින 60ක කාලයක් තුළ සිදු වන අතර, ඉරානයට විසඳාගැනීමට "ප්‍රමුඛ ගැටලු කිහිපයක්" පවතින බවයි.

In this picture obtained from Iran's ISNA news agency on June 8, 2026, residents take a dip as cargo and commercial vessels lie at anchor in the Strait of Hormuz off Bandar Abbas. 2026 ජුනි 8 වන දින ඉරානයේ ISNA ප්‍රවෘත්ති ඒජන්සියෙන් ලබාගත් මෙම පින්තූරයේ, බන්ඩාර් අබ්බාස් අසල හෝමූස් සමුද්‍ර සන්ධියේ නැංගුරම් ලා ඇති භාණ්ඩ හා වෙළෙඳ නෞකා දැක ගත හැකි අතර ඇතැම් ඉරාන වැසියන් මුහුදු ජලයේ නාන අයුරු දක්නට ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඉක්මනින් සිදුවනු ඇති බවටත් ගෝලීය ඉන්ධන මිල අඩු වනු ඇති බවටත් ඇමෙරිකාවේ උපජනාධිපති ජේ.ඩි. වෑන්ස් බලාපොරොත්තුවෙන් සිටියි.

ඉරාන ගිවිසුම ගැන ට්‍රම්ප් ප්‍රකාශ කළත් ඉතිරිව ඇති ගැටලු සහ අවදානම්සහගත තත්ත්වයන්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපන්දිනය දා එදිරිවාදිකම් අවසන් කිරීම සඳහා එක්සත් ජනපද-ඉරාන ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම සුවිශේෂී උපන්දින තෑග්ගක් වී ඇති නමුත් ඒ පිළිබඳව තවමත් බොහෝ අවිනිශ්චිතතා පවතී.

කෙසේ වෙතත්, යුරේනියම් බලගැන්වීම සඳහා කුමන සීමා පැනවිය යුතු ද සහ ඉරානයේ පවතින අධික ලෙස බලගැන්වූ යුරේනියම් තොගයට කුමක් සිදුවේ ද යන්න ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබේ.

මෙම ගැටලුවලින් කොටසක් සටන් විරාමයේ දින 60ක දීර්ඝ කිරීමකදී පසුකාලීන සාකච්ඡා සහ තාක්ෂණික සාකච්ඡාවලදී විසඳනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ඉතිහාසය පෙන්නුම් කරන්නේ ඉරානයට තම න්‍යෂ්ටික අභිලාෂයන් අතහැරීමට බලපෑම් කිරීමේ උත්සහයන් කිසි විටෙකත් සහතික කිරීම් සමග පැමිණ නැති බව ය. මෙම "අවබෝධතා ගිවිසුම" තුළ සුරක්ෂිත යැයි එක්සත් ජනපදය විශ්වාස කරන දේ කුමක් වුවත්, ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිත ය.

"අනෙක් පාර්ශවය ගිවිසුම යටතේ තම කැපවීම් ඉටු කරන තෙක් අවසන් සාකච්ඡා ප්‍රමාද වනවා" ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පැවසුවේය.

ගනුදෙනුවේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම කැපවීම් මොනවා ද සහ ඉරානය ඒවා තේරුම් ගෙන ක්‍රියාත්මක කරන ආකාරය මත ය.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන නැව්ගත කිරීම් ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ඇති ඉඩකඩ අඩු බව බලශක්ති විශේෂඥයින් පවසයි. ප්‍රමාද වූ ඉන්ධන ප්‍රවාහන නෞකා ඉවත් කිරීම, බෝම්බ ඉවත් කිරීම සහ නිතිපතා ඉන්ධන නැව්ගත කිරීම සහ නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සති කිහිපයක් ගත විය හැකිය.

නිල අත්සන් කිරීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී, ගනුදෙනුව සුරක්ෂිත කළ හැකි ප්‍රධාන තොරතුරු පිළිබඳව එකඟ වීමට ඉරානය සහ එක්සත් ජනපදයට තවමත් කාලය තිබේ, නමුත් එය තවමත් බිඳ වැටීමට අවස්ථාවක් ද තිබේ.

තවත් අවිනිශ්චිත සාධකයක් වන්නේ ඊශ්‍රායලයයි.

ගැටුමට සෑම විට ම පාර්ශව තුනක් සම්බන්ධ වන බව ට්‍රම්ප් පැවසූ අතර, ඉරිදා වෝල් ස්ට්‍රීට් ජර්නලයට පැවසුවේ, සති අන්තයේ ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කෙරෙහි කෝපයෙන් සිටින බව සහ එය ආසන්න වශයෙන් සම්පූර්ණ කර ඇති ඉරාන ගිවිසුම අඩාල කළ හැකි යැයි ඔහු විශ්වාස කළ බවත් ය.

අවම වශයෙන් ගිවිසුම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට තරම් කාලයක් එය පැවතුණ ද නමුත් ඊශ්‍රායලය ලෙබනනයේ නව හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළහොත්, ඉරානයට නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ප්‍රතිචාර දැක්විය හැකි අතර එය නැවත වරක් ගෝලීය ආර්ථිකයට තර්ජනයක් වනු ඇත.

ඉහළ යන බලශක්ති මිල ගණන් සහ ඒවායේ අහිතකර ආර්ථික බලපෑම් හේතුවෙන් මෙම යුද්ධය බොහෝ ඇමෙරිකානුවන්ට ඇති කර ඇති ගැටලු පිලිබඳව වැන්ස් සිය අදහස් දැක්වීමේදී පිළිගත්තේ ය.

"මගේ ප්‍රධාන පණිවිඩය නම් ඇමෙරිකානු ජනතාවට, ඔබට ස්තූතියි" ඔහු පැවසූ අතර බලශක්ති මිල කඩිනමින් පහත වැටීම ආරම්භ වන බව ද පැවසීය.

මෙය කෙතරම් ඉක්මනින් සිදුවේ ද යන්න එනම්, මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන ඇමෙරිකානුවන් සඳහා එය කෙතරම් ඉක්මනින් පිරිවැය අඩු කරයි ද යන්න නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මාධ්‍ය කාලීන මැතිවරණයට පෙර රිපබ්ලිකන්වරුන් මත එල්ල වී ඇති දේශපාලන පීඩනය ලිහිල් වේ ද යන්න බොහෝ දුරට තීරණය කරනු ඇත.

මෑත කාලීන මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ, ට්‍රම්ප් සහ ඔහුගේ පක්ෂය කෙරෙහි මහජනතාව තුළ පවතින අතෘප්තිය වර්ධනය වන බව ය. YouGov සමීක්ෂණයකින් හෙළි වූයේ ඔහු ආර්ථිකය හසුරුවන ආකාරය ඇමෙරිකානුවන්ගෙන් 63%ක් අනුමත නොකරන බවත්, 57%ක් ආර්ථිකය නරක අතට හැරෙන බවත් සිතන බව ය.

අවම වශයෙන්, ඉරිදා එකඟ වන ගනුදෙනුව, එය සම්පූර්ණයෙන් ම ඉවත් නොකළ ද, පවතින ගැටුමෙන් ඇති වන ආර්ථික පීඩනයෙන් යම් ප්‍රමාණයක් අවම කළ යුතු ය. පෙට්‍රල් මිල සැලකිය යුතු ලෙස පහත වැටීමට පටන් ගන්නේ නම්, එය ඇමෙරිකානුවන්ට පවතින තත්ත්වයන් සාර්ථක වන බවට පැහැදිලි ලකුණක් විය හැකි ය.

ට්‍රම්ප්ගේ පුළුල් ඉලක්ක තවමත් සාක්ෂාත් කරගෙන නොමැති අතර, ඔහු තවමත් රට තුළදී දේශපාලන අභියෝගවලට මුහුණ දී සිටිය ද යුද්ධය ආරම්භ වීමට පෙර තත්වයන්ට නැවත පැමිණීම සඳහා එය වැදගත් පියවරකි.