ඩොලර් මිලියන 1.2ක් වටිනා පිකාසෝගේ සිතුවමක් දිනූ ජයග්‍රාහකයා
ඩොලර් මිලියන 1.2ක් වටිනා පිකාසෝගේ සිතුවමක් දිනූ ජයග්‍රාහකයා
ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් වටිනා පැබ්ලෝ පිකාසෝගේ සිතුවමක් දිනූ බවට නිවේදනය කළ විට තමන් වංචාවකට හසුව ඇතැයි සැක කළ බව එහි ජයග්‍රාහකයා පැවසූ බව එම දිනුම් ඇදීමේ සංවිධායකවරියක් BBCයට පැවසුවා ය.
ලොව පුරා සිටින යුරෝ 100 බැගින් වූ ටිකට්පත් 120,000කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කිරීමෙන් පැවැත්වූ මෙම දිනුම් ඇදීම මගින් ලැබුණු යුරෝ මිලියන 11ක් ඇල්සයිමර් පර්යේෂණ සඳහා යෙදවීමට නියමිත ය.



