රෝලර්කෝස්ටරයක සිරවී සිටි සිසුන් බේරාගත් මෙහෙයුම
රෝලර්කෝස්ටරයක සිරවී සිටි සිසුන් බේරාගත් මෙහෙයුම
Published
එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන ගැල්වස්ටන්හි පිහිටි 'ප්ලෙෂර් පියර්' වෙත පාසල් චාරිකාවක් සඳහා ගිය සිසුන් පිරිසක් රෝලර්කෝස්ටරයක සිරවී සිටි අතර පැය දෙකකට පමණ පසුව ඔවුන් පිරිස බේරාගෙන තිබිණි.
මෙම රෝලර්කෝස්ටරය එහි මීටර් 30ක් උසැති ඉහළ ම ස්ථානයේ සිරවී තිබිණි. හදිසි අනතුරු මුදාගැනීමේ අංශ විසින් 'චෙරි පිකර්' එසවුම් යන්ත්‍රයක් භාවිත කරමින් සිසුන් අට දෙනා ම බේරාගත් අතර, කිසිදු අයෙකුට තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.



