ලෙබනන් ප්‍රහාර මැද උපන් නිවුන් දරුවන්ගේ මවක් BBCයට කතා කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෙබනන් ප්‍රහාර මැද උපන් නිවුන් දරුවන්ගේ මවක් BBCයට කතා කරයි
ලෙබනන් ප්‍රහාර මැද උපන් නිවුන් දරුවන්ගේ මවක් BBCයට කතා කරයි

ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාරවලට පෙර ලෙබනනයේ පිහිටි තම නිවසින් ඉවත් වීමට නියෝග කළ බවත්, එය දැන් විනාශ වී ඇති බවත් දකුණු ලෙබනනයේ අවතැන් මධ්‍යස්ථානයක සිටින ගාඩා පවසන්නීය. එවකට මාස 8ක ගැබිනියක් වූ ඇගේ නිවුන් දරුවන් නොමේරූ දරුවන් ලෙස උපත ලබා තිබේ. ලක්ෂයකට අධිකව අවතැන්වූවන් අතර ඇයද සිටින අතර, දැන් සිඩොන්හි නවාතැනක ළදරුවන් ඇතුළු තවත් 2000ක් සිටින ස්ථානයක ඇය ජීවත් වේ.