කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් 'ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට ගත් තීරණය' ගැන බීබීසීයට කතා කරයි
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් 'ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට ගත් තීරණය' ගැන බීබීසීයට කතා කරයි
Published
දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ලෙස හැඳින්වෙන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ජූලි 21 වන දා ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය. එහිදී ඔහු කියා සිටියේ "ලෝකයට ණය වී" තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි.
ඔහුගේ එම ප්‍රකාශයෙන් අනතුරුව, ජූලි 22 ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රකාශ කළේ, හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු විසින් ලබා දෙන ලද වාචික පොරොන්දුවක් මත යුපුන් අබේකෝන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා සිටින බවත්, එම ඉල්ලීම ඉටු කිරීම දුෂ්කර බවත්ය.
ක්‍රීඩා ලෝලීන් රැසක් මවිතයට පත් කළ ක්‍රීඩාවෙන් සමුගැනීමේ එම තීරණය පිළිබඳව බීබීසී සිංහල යුපුන් අබේකෝන්ගෙන් විමසීය.









