සිය ඉල්ලීම් දිනා ගන්නා තුරු මාස 18ක් අඩි 300ක් උස කුලුනක් මත විරෝධතාවක නිරත වූ මිනිසෙක්

- Author, සාර්බ්ජිත් සිං ධලිවාල්
- Role, බීබීසී
- කියවීමේ කාලය: මිනිත්තු 6
"මාස 18කුත් දවස් 12කට පස්සේ මම පරිස්සමින් ආපහු පොළොවේ පය තිබ්බා."
මේ වචන ඉන්දියාවේ පටියාලා දිස්ත්‍රික්කයේ කේරි නාගයියාන් ගම්මානයේ පදිංචි ගුර්ජිත් සිංගේ ය.
43 හැවිරිදි ගුර්ජිත් සිං, 2024 ඔක්තෝබර් 12 වන දින සිට සමානා නගරය මැද සවිකර ඇති ජංගම දුරකතන කුළුණක් මතට වී සිටියේ ය. අප්‍රේල් 24 වන දින පෙ.ව. 7:45ට පමණ ඔහු කුලුනෙන් පහතට ගෙන එන ලදී. ආගම්වලට සමව නොසැලකීමේ ක්‍රියා සම්බන්ධයෙන් නීති දැඩි කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම විරෝධතාවයේ නිරත විය.
ඊයේ ඔහු පැවසුවේ, "2024 ඔක්තෝබර් 12 ඉඳලා 2026 අප්‍රේල් 23 දක්වා මම උණුසුම, වැස්ස, සුළඟ, අධික සීතල සහ වෙනත් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා, නමුත් අද මගේ ඉල්ලීම පිළිගෙන තිබීම ගැන මම සතුටු වෙනවා," යනුවෙනි.
2026 ජගත් ජ්යෝත් ශ්‍රී ගුරු ග්‍රන්ත් සාහිබ් සට්කාර් (සංශෝධන) පනත 2026 අප්‍රේල් 13 වන දින පන්ජාබ් විධාන් සභාවේදී සම්මත කරන ලද අතර අප්‍රේල් 17 වන දින ආණ්ඩුකාරවරයා අත්සන් කිරීමෙන් පසු නීතියක් බවට පත්විය.
කෙසේ වෙතත්, මෙම පනත පන්ජාබ් සහ හර්යානා මහාධිකරණයේ ද අභියෝගයට ලක් කර ඇත. නව නීතිය මගින් ආගම්වලට සමානව නොසැලකීමක් සහ 14 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් සිදු බව අභියෝගාත්මක පෙත්සමේ සඳහන් විය.
ගුර්ජිත් සිං කුලුනෙන් බස්සවා ගැනීම පටියාලා පරිපාලනය, සිවිල් ආරක්ෂක අංශ සහ ඉන්දීය හමුදාව එක්ව සිදු කරන ලදී.
අද උදෑසන ගුර්ජිත් සිං කුලුනින් බස්සවන බව සමානා නියෝජ්‍ය පොලිස්පති ෆතේ සිං බ්‍රාර් බීබීසී පන්ජාබි සේවයට තහවුරු කර තිබිණි. දැන් ඔහු පැමිණ තිබේ.
ඔහු කුලුනෙන් බැස්සවීම සඳහා ක්‍රියාත්මක වූ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ගිනි නිවීම් සේවා නිලධාරී ක්‍රිෂන් කුමාර් පැවසුවේ, "මේ සඳහා දින ගණනාවක් පුහුණුවීම් කළ" බව ය.
ගුර්ජිත් සිංව පැමිණීමෙන් පසු, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රෝහලක් වෙත රැගෙන යන ලදී.

ගුර්ජිත් සිං යනු කවුද? ඔහු කුලුන මත මාස කිහිපයක් ගත කළේ කෙසේ ද?
පටියාලා දිස්ත්‍රික්කයේ සමානා නගරය මැද පිහිටි ළමා උද්‍යානය අසල ඇති කුලුන මාස 18කට වැඩි කාලයක් තිස්සේ ප්රවෘත්ති වාර්තාවලට මාතෘකාවක් වී තිබිණි. මීට පෙර, ජනතාව මෙහි රැස්ව සිටියහ.
සමනාහි බාබා බණ්ඩා සිං බහදූර් චෝක් යනු සංග්රෑර් සහ පටියාලා දිස්ත්‍රික්ක හර්යානා සමග සම්බන්ධ කරන වැදගත් අධිවේගී මාර්ගයකි.
බ්‍රහස්පතින්දා පස්වරු 2ට පමණ බීබීසී පන්ජාබි කණ්ඩායම, සමානා උසාවිය ආසන්නයේ පිහිටි ළමා උද්‍යානය අසල කුලුනක් මත වාඩි වී සිටි ගුර්ජිත් සිං දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට සමත් විය.
"මම අතීතයේ ගොඩක් පීඩා වින්දා. ඒත් ගුර්බානිගේ උදව්වෙන් මම අවසානයේ ජයග්‍රහණය කළා," ගුර්ජිත් සිං පැවසීය.

ගුර්ජිත් සිං වෘත්තියෙන් හිටපු සොල්දාදුවෙකු සහ ගොවියෙකි. 2024 ඔක්තෝබර් 12 වන දින කුලුන මතට නැගීමෙන් පසු මුල් දිනවල බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව ඔහු පැවසීය. විශේෂයෙන් පරවියන් සහ අනෙකුත් පක්ෂීන් ඔහුට විශාල කරදරයක් වී තිබිණි.
"අඩි 100ක් උස නැග්ගට පස්සේ, මම ටික වෙලාවක් විවේක ගත්තා. ඊට පස්සේ මම අඩි 200ක උසකට ආවා, අන්තිමට අඩි 300ක් විතර නැග්ගා, මොක ද මේ ස්ථානය ආරක්ෂිත යි වගේ පෙනුණා," ඔහු පැවසීය.

ගුර්ජිත් පැවසුවේ, තමා මුලින් කුලුන මත ඉදිකරන ලද ස්ථානයේ රැඳී සිටි බවත්, පසුව ක්‍රමයෙන් පහළින් භාණ්ඩ ගෙන ගිය බවත්, පසුව ඔහු රෙදි කූඩාරමක් සකසා ගත් බවත්ය.
"හිටපු සොල්දාදුවෙක් නිසා, මම වතුර බෝතල්, කෑම වර්ග සහ වෙනත් කුඩා දේවල් උඩට ගෙනාවා, නමුත් ඒවා ඉක්මනින් ම ඉවර වුණා, දින පහකට පස්සේ ප්‍රාන්ත ආණ්ඩුව සමහර දේවල් ලබා දුන්නා. මට ජීවත් වෙන්න ඒක ප්‍රමාණවත් වුණා," ඔහු පැවසීය.
ඔහු පැවසුවේ, රාත්‍රියේ දිගු කාලයක් අවදියෙන් සිට නිදාගෙන උදෑසන හිරු උදාවත් සමග අවදිවීමට පුරුදු වී සිටි බව ය.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊට හේතුව පැහැදිලි කරමින් ගුර්ජිත් සිං පැවසුවේ, "රෑට මට ආරක්ෂාව ගැන තර්ජනයක් දැනුණ නිසා, රෑ වැඩි වෙලාවක් අවදියෙන් ඉඳලා උදේ 9 විතර වෙනකම් නිදා ගත්තා," යනුවෙනි.
ප්‍රාන්ත රජය ඔහු කුලුනෙන් බස්සවා ගැනීමට දැඩි උත්සහයක් ගත් නමුත්, ඉතා උස් ස්ථානයක සිටි නිසා පරිපාලන නිලධාරීන්ට ඔහු වෙත පැමිණීමට නොහැකි වූ බව ය. ඔහු සිය ඉල්ලීමෙහි නොසැලී සිටි බවත් ඔහු පැවසීය.
"මගේ යාළුවෙක් මට හැම දා ම කෑම, බෙහෙත් සහ වතුර ගෙනත් දුන්නා, ඒක මට ජීවිතය ගත කරන්න උදව්වක් වුණා," ඔහු පැවසීය.
"තද සුළං සහ අඳුර තිබුණ වේලාවල මට ලොකු පීඩනයක් දැනුණා. සුළඟ තියෙන වෙලාවට කුලුන හෙල්ලෙනකොට එතන ඉන්න ගොඩක් අමාරු වුණා. ඒ විතරක් නෙවෙයි, ශීත ඍතුවේදී මීදුමත්, සීතලත් නිසා ගොඩක් කරදරවලට මුහුණ දුන්නා," ගුර්ජිත් පැවසීය.
වැසි සමයේදී ඇඳුම් තෙත් වන අතර එම ඇඳුම් වේලී ගියේ සුළඟට පමණක් බව ඔහු පැවසීය.
ඔහු පවසන්නේ, එක් වරක් පමණක් පාන් අනුභව කළ බවත්, බොහෝ දුරට දියර ආහාරවලින් කුස පුරවා බවත්, දෛනික කටයුතු කරගෙන යාමේදී ඔහුට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ බවත් ය.
ගුර්ජීත් පැවසුවේ, ඔහුගේ පාද ඉදිමී ඇති බවත් ඔහු රෝග රැසකින් පීඩා විඳින බවත් ය. නමුත් ආගම්වලට අසමාන ලෙස සැලකීමට එරෙහිව නීතියක් පැනවීම ගැන ඔහු සතුටට පත්ව සිටී.
ගුර්ජිත් සිංගේ පවුල බිරිඳ සහ පුතෙකුගෙන් සමන්විත වේ. සිය මව සිහිපත් කරමින්, ඔහු පවසන්නේ, ඇය ඔහුගේ හදවතට සමීපතම පුද්ගලයා බවත්, ඔහු ඇය සමග නිරන්තරයෙන් කතාබහ කළ බවත් ය.

දෛනිකව අවශ්‍ය භාණ්ඩ ගුර්ජිත් සිං වෙත ළඟා වූයේ කෙසේ ද?
ගුර්ජිත් සිං අඩි 300ක් පමණ උස කුලුනක් මත සිටි අතර ඔහුට දිනපතා ආහාර සහ අනෙකුත් සැපයුම් ලබා දීම දැවැන්ත අභියෝගය විය.
ගුර්ජිත් සිං වෙත දිනපතා භාණ්ඩ බෙදා හැරීමේ වගකීම පැවරී තිබුණේ, ගුර්ජන්ත් සිං නම් තරුණයෙකුට ය. ගුර්ජන්ත් සිං කුලුනු සවි කරන පෞද්ගලික සමාගමක සේවය කර ඇති අතර එම නිසා කුලුනුවල උස හා සංකීර්ණතා පිළිබඳව ඔහුට පළපුරුද්දක් තිබිණි.
ඒ අනුව, ඔහු සෑම දිනක ම දහවල් එකට කුලුනට නැග ආහාර, ඇඳුම්, ඖෂධ සහ බැට්රි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගියේ ය.
ගුර්ජන්ත් සිං පවසන පරිදි, කුලුන මත සිටි ගුර්ජිත් සිං වෙත ළඟා වීමට සෑම දිනක ම මිනිත්තු 40ක් පමණ ගත වූ අතර සෑම මීටර් සියයකට වරක්, වාඩි වී විවේක ගෙන නැවත නැගීම ආරම්භ කළ," බව ය.
"ගුර්ජිත් සිං ළඟට ගිහින්, මම ටික වේලාවක් විවේක ගන්නවා, පස්සේ අපි ටිකක් කතා කරනවා, පැය හතරකට විතර පස්සෙ මම පහළට එනවා."
ගුර්ජන්ත් සිං පැවසුවේ, කාලගුණය අනුව කුලුනේ බට ඇතැම් විට සීතල වන අතර, උණුසුම් වන විට ඔහුගේ අත්වල මස් ගැලවී ගොස් තිබූ අවස්ථා පැවති බව ය.
වැසි සහ මීදුම සහිත දිනවල කුලුනට නැගීම ඉතා අපහසු වූ බව ඔහු පවසයි.
ගුර්ජිත් සිං කුලුන මත වාඩි වී තම විරෝධය පළ කළ අතර, පළහ රැස්ව සිටි ඇතැම්හු රජයට එය දැනුම් දුන්හ. එම පිරිස අතර රූපවාහිනී මාධ්‍යවේදීහු, චිත්‍රපට කර්මාන්තයේ සේවකයෝ, මනෝ විද්‍යාඥයෝ සහ ගොවි නායකයෝ ඇතුළත් වූහ.
ගුර්දාස්පූර් දිස්ත්‍රික්කයේ බටාලා තාලුක්හි 53 හැවිරිදි රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ගුර්ප්‍රීත් සිං විරෝධතාව සම්බන්ධීකරණය කළේ ය.
බීබීසී පන්ජාබි සේවය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය, "පෙබරවාරි 24 වෙනිදා, ජනතාව විශාල පිරිසක් විරෝධතා දක්වන්න ආවා. මුලදී, පන්ජාබ් රජය අපව මර්දනය කිරීමට සෑම ආකාරයකින් ම උත්සහ කළා. නමුත් අපි උත්සහය අත් නොහැර බාබා බණ්ඩා සිං බහදූර් චෝක්හි විරෝධතාවක් පැවැත්වීමට සමත් වුණා."
අප්‍රේල් 13 වන දින විධාන් සභාවේදී පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු, පන්ජාබ් විධාන් සභාවේ කතානායක කුල්තාර් සිං සන්ධ්වාන් අප්‍රේල් 14 වන දින ධරම් යුද් මෝර්චා වෙත පැමිණ 'ජගත් ජ්යෝත් ශ්‍රී ගුරු ග්‍රන්ත් සාහිබ් සත්කාර් සංශෝධන පනත් කෙටුම්පත-2026'හි පිටපතක් එහි සිටි සංවිධායකයින්ට භාර දුන්නේ ය.


































