නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරකින් 95 දෙනෙකු මරුට; 400 කට අධික විදෙස් සංචාරකයින් අතුරුදහන්

Houses lie partially submerged in muddy water along a riverside after flash floods at Trishuli Bazar in Nepal's Nuwakot district on August 26, 2026. Massive flooding killed eight people in Nepal on August 26 as Chinese state media reported "major casualties" from a mudslide at a Tibet trade hub on China's side of the nations' shared border. (Photo by Prabin RANABHAT / AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිය ගණනක් දෙනා අතුරුදන්ව සිටිති.

බදාදා (අගෝ: 26) පෙරවරු 9:00ට පමණ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දේපළවලට දැඩි හානි සිදුවන්නට ඇතැයි නේපාල බලධාරීහු සැක පළ කරති.

X සටහනක් පළ කරමින් නේපාල සංචාරක මණ්ඩලය පවසන්නේ මේ වන විට සමස්ත වශයෙන් සංචාරකයින් 384 දෙනෙකු අතුරුදන්ව ඇති බව හඳුනාගෙන ඇති බව ය. ඔවුන් අතර විදේශීය ජාතිකයින් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 93 දෙනෙකු සිටින බව එම මණ්ඩලය සඳහන් කරයි.

එරට වේලාවෙන් පස්වරු 5:25 වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල බලධාරීහු පවසති.

එමෙන් ම පුද්ගලයින් අනූතුන් දෙනෙකු තුවාල ලබා ඇති බව ද තහවුරු වී තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ටිබෙටයේ ක්ෂණික ගංවතුරින් සිදුවූ බලපෑමේ CCTV දර්ශන

නේපාල සංචාරක මණ්ඩලයට අනුව, අතුරුදන්ව සිටින විදේශීය ජාතිකයින් අතර: බ්‍රිතාන්‍ය ජාතිකයින් 12 දෙනෙක්, ඉන්දීය ජාතිකයින් 105 දෙනෙක්, ඉන්දියාවෙන් පිටත පදිංචි ඉන්දියානුවන් 37 දෙනෙක්, මැලේසියානු ජාතිකයින් 17 දෙනෙක්, දකුණු අප්‍රිකානු ජාතිකයින් 4 දෙනෙක්, ඇමෙරිකානු ජාතිකයින් 3 දෙනෙක්, ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් සහ නෙදර්ලන්ත ජාතිකයෙක් සිටිති.

එසේ ම, තවත් පුද්ගලයින් 111 දෙනෙකුගේ ජාතිකත්වය මෙතෙක් තහවුරු කර නොමැති බව එම මණ්ඩලය සඳහන් කරයි.

මූලික තොරතුරු උපුටා දක්වමින් නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ශිශිර් ඛනල් පාර්ලිමේන්තුවට පැවසුවේ, එරට වේලාවෙන් පෙරවරු 8.37ට පමණ එම ප්‍රදේශයට භූමිකම්පාවක් බලපා ඇති බවයි.

එම භූමිකම්පාව හේතුවෙන් හිම කඳු කඩාවැටීමක් සිදුව ඇති අතර, එය අනතුරුව ක්ෂණික ගංවතුර තත්ත්වයකට මග පෑදූ බව ඔහු පවසයි. කෙසේ වෙතත්, මෙම තොරතුරු තවදුරටත් තහවුරු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

Residents look at houses partially submerged in muddy water after flash floods at Trishuli Bazar in Nepal's Nuwakot district on August 26, 2026. A massive flood swept through Nepal's northern Rasuwa district on August 26, damaging roads and power infrastructure as authorities scrambled to assess the scale of the destruction. (Photo by Prakash MATHEMA / AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අමාත්‍යවරයා පවසන්නේ, නේපාලයට පමණක් නොව චීනයට ද මෙම සිද්ධිය හේතුවෙන් "විශාල හානි" සිදුව ඇති බවයි.

නේපාලය මේ සම්බන්ධයෙන් චීනය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බව ඔහු පවසයි. මේ වන විට පොලිස් නිලධාරීන් 26 දෙනෙකු, සන්නද්ධ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු සහ හමුදා සාමාජිකයින් 44 දෙනෙකු අතුරුදන්ව ඇති බව ද ඔහු සඳහන් කරයි.

රේගු හා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු ද අතුරුදන්ව ඇති බව ඔහු තවදුරටත් පවසයි.

මාර්ග, පාලම්, සන්නිවේදන සහ ජල විදුලි යටිතල පහසුකම්වලට ද විශාල හානි සිදුව ඇති අතර මෙම ආපදාවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ රසුවා සහ නුවාකොට් දිස්ත්‍රික්ක බව ද ඔහු සඳහන් කරයි.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, උතුරු නේපාලයේ ඇති වී තිබෙන දැවැන්ත ක්ෂණික ගංවතුර තත්ත්වය

2015 වසරේ පුද්ගලයින් 9,000කට ආසන්න පිරිසකට මරු කැඳවූ භූමිකම්පාවෙන් පසු නේපාලය මුහුණ දුන් දරුණුතම ආපදාව මෙයයි.

නේපාල-චීන දේශසීමාව ඔස්සේ පහළින් පිහිටි දිස්ත්‍රික්ක කිහිපයකට මෙම ආපදාවෙන් බලපෑම් එල්ල වී තිබේ. ජීවිත හා දේපළ විශාල ගණනක් විනාශ වී ඇති බව බලධාරීන් පවසන නමුත්, හානියේ නිශ්චිත ඇස්තමේන්තුවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත.

භෝටේකෝෂි ගඟ දෙපස පිහිටි රසුවා සහ නුවාකොට් දිස්ත්‍රික්කවල ජනාවාස කිහිපයක් මෙම ආපදාවෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබේ. මෙම ප්‍රදේශවල ජනගහනය අඩු වුව ද, එහි මාර්ග නේපාලය සහ චීනය අතර වෙළෙඳාමට අත්‍යවශ්‍ය ප්‍රධාන සම්බන්ධතාවක් ලෙස ක්‍රියා කරයි.